මහලකොටුව මහා විද්‍යාලය

IMG-20241021-WA0016.jpeg
IMG_20241021_132929.jpeg

විදුහල්පති පණිවිඩය

පි ජි වයි බි දිසානායක

මහත්ම මහත්මයාණෙනි ආදරණීය දූ දරුවනී

 

මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව අධ්‍යාපන කලාපයේ ලග්ගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් මප / විල් / මහලකොටුව ශ්‍රි සුමන මහා විද්‍යාලය 1925 වර්ෂයේ ආරම්භව වසර සියයකට ආසන්න කාලයක් අඛණ්ඩව ප්‍රදේශයේ දරු දැරියන්ගේ නැණස පාදන සුන්දර විදුබිමකි.අනේක විද බාධක කම්කටොලු මධ්‍යයේ අප සතු අවම මානව හා භෞතික සම්පත් හැකි උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් පාසල වෙත පැමිණෙන දූ දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධන කරමින් අනාගත නව ලොවට ගැලපෙන නවීන තාක්ෂණික දැනුමින් පරිපූර්ණ වූ නිර්මාණශීලි දරු දැරියන් පිරිසක් දැයට දායාද කිරීම අපගේ අරමුණයි. ඒ සදහා අවශ්‍ය මානව හා භෞතික සම්පත් මෙන්ම අවශ්‍ය මගපෙන්වීම් සුදුකරන විල්ගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමන් ප්‍රමුඛ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරි මහත්ම මහත්මීන් ද අප පාසලේ නියෝජ්‍ය විදුහල්පති තුමන්ලා දෙපල ප්‍රමුඛ සහෝදර ආචාරමණ්ඩලය දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යයාවන් සහ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ප්‍රමුඛ ආදරණීය දරු දැරියන් සියලු දෙනා මෙන්ම පාසලේ දියුණුවට අත්වැල් සපයන පරිත්‍යාගශිලී මහත්ම මහත්මීන් සහ සුභපතන්නන් මාගේ පාසලේ උන්නතිය වෙනුවෙන් ලබාදෙන සහයෝගය කෘතවෙදිත්වය පිරිනමන අතර තව දුරටත් පාසලේ අනාගත සුභසිද්ධය උදෙසා ඔබ සැම ලබාදෙන සහයෝගය සහ මගපෙන්වීම ගෞරවයෙන් යුතුව අපේක්ෂා කරමි.

 

පි ජි වයි බි දිසානායක
විදුහල්පති
මප/විල්/මහලකොටුව ශ්‍රි සුමන මහා විද්‍යාලය.